FAST NEWS

24×7 Around the Globe

කොරෝනා වර්ධනය වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – ඉදිරියේදී කොරෝනා වෛරසය ව්‍යාප්තියේ යම් වර්ධනයක් සිදු වුවහොත් දිනකට PCR පරීක්ෂණ 6000 ක් සිදු කිරීම සුදුසු යැයි වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දී තිබේ.  

මේ වනවිට PCR පරීක්ෂණ රජයේ හා පෞද්ලික අංශයේ රසායනාගාර 15 ක් තුල සිදු කරන බවත්, එම රසායනාගාරවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය ආරක්ෂිත ඇදුම් හිගයකින් තොරව ලබාදිමට අවශ්‍ය කටයුතු සළසන මෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දි තිබෙනවා.

ඒ කොරෝනා පාලනය සදහා තව දුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සදහා පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද (01) රැස්වූ අවස්ථාවේදීයි.