FAST NEWS

24×7 Around the Globe

නාවලපිටිය හිටපු නගරාධිපති ඇතුළු 08 දෙනෙක් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | නාවලපිටිය) – මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කල නාවලපිටිය නගර සභාවේ හිටපු නගරාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.   

නිරෝධායන පණත උල්ලංඝණය කරමින් ගිනිහගත්හේන නාවලපිටිය මාර්ගයේ ආයතනයක සූදු සෙල්ලම් කරමින් සිටියදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.

හැටන් මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් මැයි 06 දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණි.

සැකකරුවන් PCR පරීක්ෂාවකට ලක් කිරීම සදහා ඉදිරිපත් කළ ඉල්ලිමටද අධිකරණය අවසර ලබාදුන්නේය.