FAST NEWS

24×7 Around the Globe

පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් අනතුරුව පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.  

ඒ අනුව , දැනට තීරණය කර ඇති දිනයට පාසල් ආරම්භයට පෙර සියලු පාසල් විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් අනතුරුව ද අවස්ථා කිහිපයකදි සියලු පාසල් විෂබීජහරණයට ලක් කෙරෙනු ඇත.

මීට අමතරව පාසල් පවත්වාගෙන යාමේ දී සියලු ශ්‍රේණී සදහා පාසල් විවෘත කිරීමක් සිදු නොවන අතර විභාග පාදක කරගනිමින් 10 ට ඉහළ ශ්‍රේණී සදහා පමණක් පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබේ.