FAST NEWS

24×7 Around the Globe

නව ආසාදිතයන් 16න් 9ක් නාවික හමුදා සාමාජිකයන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (30) දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්ගෙන් නව දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

එම ආසාදිතයින් වැලිසර නාවික හමුදා කදවුරෙන් සහ වෙනත් ප්‍රදේශවලින් වාර්තා වන බව ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල සිටි සුදුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකු ද ආසාදිතයින් අතර වේ.

අනෙක් ආසාදිතයින් දෙදෙනා ද නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළේය.