FAST NEWS

24×7 Around the Globe

හොරණ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – හොරණ බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලා කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟයි.

අදාළ අපනයන සැකසුම් කලාපයේ එක් කර්මාන්ත ශාලාවක ආපන ශාලාවක සේවය කළ පුද්ගලයෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට හදුනාගත් බව කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය අයි.රත්නායක සදහන් කළේය.