FAST NEWS

24×7 Around the Globe

ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 04 වැනිදා සිට 08 වැනිදා දක්වා ජාතික වෙසක් සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් එම කාල සීමාව තුළ ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙන්නේය.

වෙසක් පොහොය යෙදන ලබන 07 වැනිදා සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීමට සැළසුම් කර තිබේ.

බෞද්ධ ජනතාවට ඒ සඳහා නිවසේ සිට සම්බන්ධ විය හැකියි.