FAST NEWS

24×7 Around the Globe

පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ග වලට නීතිපතිගේ අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වසංගතය පාලනයට ඇඳිරි නීතිය පැණවීම ඇතුලු පොලිසිය විසින් ගත් අනෙකුත් ක්‍රියාමාර්ග සඳහා නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අනුමැතිය දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් උපදෙස් ඉල්ලා සිටීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙම අනුමැතිය දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාර ජයරත්න මෙනවිය පවසයි.