FAST NEWS

24×7 Around the Globe

රාජකාරීයේ යෙදෙන පොලිස් නිලධාරීන් PCR පරීක්ෂාවට [VIDEO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා මැඩලීමේ කටයුතුවලදී අවධානම් රාජකාරී වල යෙදෙන පොලිස් නිළධාරින් පී සී ආර් පරීක්ෂණවලට භාජනය කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (30) කොළඹදී පැවති මාධ්‍යයට අදහස් දක්වමින්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊට අනුමැතිය ලබා දී ඇති අතර ඇදිරි නීති සමයේදී පොලීසිය ක්‍රියාත්මක කළ වෙනත් මෙහෙයුම් සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිලි කළේය.