FAST NEWS

24×7 Around the Globe

මයික්‍රොසොෆ්ට් සමාගම නිෂ්පාදනය කල ප්‍රථම ලැප්ටොපය වේළඳපොළට.

වින්ඩෝස් 10 නිෂ්පාදන යටතේ ලොව තාක්ෂණික දැවැන්තයෙකු වන මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පළමු වරට ලැප්ටොප් පරිගණකයක් එළි දක්වා තිබේ.

‘සෆේස් බුක්’ (Surface Book) ලෙස හඳුන්වන මෙම පරිගණකය සමඟ නව ස්මාට් ෆෝන් උපාංග 2ක්, ටැබ්ලට් උපාංගයක් මෙන්ම ෆිට්නස් බෑන්ඩ් එකක් ද එම සමාගම විසින් හඳුන්වා දී තිබේ.

ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන මැක්බුක් ලැප්ටොප් පරිගණක ඉල්ලක්ක කර ගනිමින් නිර්මාණය කර ඇති සෆේස් බුක් පරිගණකය බරින් කිලෝග්‍රෑම් 0.7 වන අතර ඝනකමින් මිලිමීටර් 7.7ක් වේ.

එය ස්පර්ශ සංවේදක තිරයකින් යුත් නිසා යතුරු පුවරුව ගලවා භාවිතා කිරීමේ පහසුකමද පාරිභෝගිකයාට හිමිවේ.

මෙම මස අගදී වෙළඳ පළට එක්වීමට නියමිත එහි මිල ඇමෙරිකානු ඩොලර් 1499ක් වේ.

එළි දක්වන ලද නව ස්මාට්ෆෝන් උපාංග දෙක Lumia 950 සහ Lumia 950 XL වන අතර ඒවා පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් 549ක් සහ 649ක් වේ.

මිලෙන් අඩු ස්මාට්ෆෝන් උපාංගයක් දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් 139කට වෙළඳ පළට එක්වීමට නියමිත බවද වාර්තා වේ.