FAST NEWS

24×7 Around the Globe

අනුර කුමාර දිසානායක කොකා කෝලා ගැන පාර්ලිමෙන්තුව තුළ කල කතාව.

ස්ථාවර නියෝග 23/2 නගනු ලබන ප්‍රශ්නය – 2015.10.06

කැළණි ගෙඟහි ජලය දූෂණය වීමේ පාරිසරික ගැටලූකාරී තත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වන කොකා කෝලා සමාගමේ බියගම නිෂ්පාදනාගාරයේ විෂ රසායනික කාන්දු වීමක් හේතුවෙන් පසුගිය අගෝස්තු මස 17වැනිදා කැළ‚ ගඟ දැඩි ලෙස දූෂණයට ලක්වූ බවට මහත් ආන්දෝලනාත්මක පුවතකින් එම ජලය පරිභෝජනය කරන ජනතාවත් පොදුවේ පරිසරයට ආදරය කරන බොහෝ දෙනාත් දැඩි කම්පනයකට ලක්වුණා. මෙහි බරපතළ කරුණ වූයේ, මෙම හඳුනාගැනීමට පෙර අඹතලේ ජල පවිත්‍රාගාරය හරහා කොළඹ ආශ්‍රීත ලක්ෂ 06කට වඩා වැඩි ජනතාවකටද විෂ රසායනිකවලින් දූෂණය වූ ජලය නිකුත් වී තිබීමයි. පරිසරවේදීන් විසින් පෙන්වා දෙන ආකාරයට අගෝස්තු මස 17 වන දින විෂ රසායනික ලීටර 1900ක් පමණ කැළ‚ ගඟට කාන්දු වී තිඛෙනවා.
මේ තත්වය තුළ දින දෙකක් පමණ කාලයක් කොළඹ ආශි්‍රත ප්‍රදේශයට ජලය ලබා දීම අත්හිටුවා අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජල පෙරහන් පද්ධතිය සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට සිදුවුණා. එහි පෙරහන් පද්ධතිය පිරිසිදු කිරීම සඳහාද ජලය ෙබදා හැරීම අත්හිටුවීම නිසාද මණ්ඩලයට අතිවිශාල පාඩුවක් සිදුව තිඛෙනවා. මේ වන විට අදාළ සමාගම විසින් යම් වන්දි මුදලක් රාජ්‍ය ආයතනවලට ගෙවා ඇති බවක් ජනමාධ්‍ය වාර්තා කළා. එසේම ඒ සමඟ සමාගමට එරෙහි පරීක්ෂණ හා නීතිමය කටයුතු නතරවී ඇති බවක්ද වාර්තා වනවා. මෙවැනි බරපතළ සිදුවීමකින් පසුව එවැනි සිදුවීම් ඉදිරියට වළක්වා ගැනීම සඳහා වන කිසිදු බැඳීමකින් තොරව අදාළ සමාගම ක්‍රියාමක වීම ගැටලූවක් වන අතර එමගින් උද්ගත විය හැකි සෞඛ්‍යමය අවදානම දැරීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටයි.
ඇමෙරිකානු බහු ජාතික සමාගමක් වීම නිසාවෙන් රජයේ නිලධාරීන් මේ ප්‍රශ්නය හමුවේ මුනිවත රකින බවටද මෙම සිදුවීමට සෘජුව මැදිහත් විය යුතු ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ මධ්‍යම පරිසර අධිකාරිය සැබෑ ලෙසම කොකා කෝලා සමාගමේ සිදු කළ විනාශයට එරෙහිව පියවර ගැනීමට අවශ්‍ය පරීක්ෂණ කටයුතු නිසි පරිදි කි්‍රයාත්මක කර නොමැති බවටද ජනතාව තුළ බලවත් සැකයක් නිර්මාණය වී තිඛෙනවා.
අපද්‍රව්‍ය කාන්දු වූ මුල් අවස්ථාවේදී මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම අපජලයේ නිදර්ශක නිසි පරිදි පරීක්ෂාවට ලක් කර නොමැති බවට බරපතළ චෝදනාවක් එල්ල වනවා. ඒ නිසාම ඔවුන් කැළ‚ ගඟට කාන්දු වී ඇත්තේ ඩීසල් බවට වන කොකා කෝලා සමාගමේම පැහැදිලි කිරීමම පුනරුච්චාරණය කරන බව පැවසෙනවා. කෙසේ වුවද වාර්තා වන අන්දමට ජාතික ජල සම්පාදන මණ්ඩලය මෙම අපජලයේ නිදර්ශක ඉන්දියාවේ පර්යේෂණායතනයකට යොමු කර පරීක්ෂා කිරීමේ දී තහවුරු වී ඇත්තේ, 4-මෙතිලිමයිඩසෝල්  නම් විෂ සහිත කාබනික සංයෝගය කැළ‚ ගඟට කාන්දු වී ඇති බවයි. එම සංයෝගය ජලය ලීටරයකට මිලිග්‍රෑම් 0.5ක් තරම් ඉතා විශාල ප්‍රමාණයක් මිශ්‍ර වී ඇති බව තහවුරු වී තිඛෙනවා. මේ අනුව පෙනී යන්නේ, මේ පිළිබඳව ක්‍රියාත්මක විය යුතු මධ්‍යම පරිසර අධිකාරිය මේ ගැටලූවට නිසි මැදිහත් වීමක් සිදු කර නොමැති බවයි.
සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 23ආ වගන්තිය යටතේ කොකා කෝලා නිෂ්පාදනාගාරය පවත්වාගෙන යම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කර තිබූ පරිසර ආරක්ෂණ බලපත්‍රය අගෝස්තු මස 20වැනි දින තාවකාලිකව තහනම් කරනු ලැබූවේ, කර්මාන්තශාලාවෙන් කැළ‚ ගඟට ඩීසල් කාන්දු වූ බවට නැගුණු චෝදනාව නිසයි. නමුත් අගෝස්තු මස 31වැනි දින තාවකාලිකව පරිසර ආරක්ෂණ බලපත්‍රය නැවත වරක් ලබා දෙමින් මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන්නේ, සමාගමේම කරුණු දැක්වීමයි. එනම් මෙම ඩීසල් කාන්දු වීම කර්මාන්තශාලාවේ නඩත්තු කටයුත්තක දී අහම්ඛෙන්, අත්වැරදීමකින් සිදු වූවක් බවයි. මෙය අහම්ඛෙන් සිදු වූ බව හා කාන්දු වී ඇත්තේ ඩීසල් බව මධ්‍යම පරිසර අධිකාරිය නිසි පරීක්ෂාවකින් තොරව සනාථ කර ඇත්තේ කෙසේද යන්න ගැටලූවක්.
කෙසේ වුවද ප්‍රදේශවාසීන් විසින් පවසන තොරතුරුවලට අනුව කොකා කෝලා නිෂ්පාදනාගාරයෙන් පසුගිය කාලය පුරාම කැළ‚ ගඟට පිරිපහදු කිරීමෙන් තොරව අපජලය මුÞ හැර සිදු කර තිඛෙනවා. මේ පිළිබඳව පසුගිය කාලයේ ඔවුන් විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත පැමි‚ලි කර ඇති බවද වාර්තා වනවා. එවන් තත්ත්වයක් තුළ මෙය අහම්ඛෙන් සිදු වූ අපද්‍රව්‍ය කාන්දුවීමක් ලෙස තීරණය කිරීමේ හැකියාවක් නොමැති බව පරිසරවේදීන්ගේ අදහසයි.
2008.01.25 වන දින අංක 1533/16 දරන ගැසට් නිවේදනයට අනුව සේවකයන් 25 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් සේවයේ යොදවා සිදු කරන සියලූම බීම වර්ග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත පවත්වාගෙන යාම සඳහා පනතේ 23ආ වගන්තියට අනුව පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගත යුතුයි. 2008.02.01 වන දින අංක 1534/18 ගැසට් නිවේදනයට අනුව එහි උපමානයන්ට යටත්ව පිරිපහදු කළ අපජලය බැහැර කිරීම සිදු කළ යුතු අතර කර්මාන්තශාලාවේ භාවිතා කරන විෂ රසායනික ද්‍රව්‍ය හෝ ගිනිගන්නා සුළු ද්‍රව්‍ය හැසිරීම සම්බන්ධ පූර්වෝපායන් ආදිය ඉදිරිපත් කළ යුතුව තිඛෙනවා.
නමුත් අනාවරණය වන අන්දමට කොකා කෝලා සමාගමේ ගිනිගන්නා සුළු ද්‍රව්‍ය හෝ විෂ රසායනික හැසිරවීමේ දී අවශ්‍ය පූර්ව ආරක්ෂිත උපායමාර්ග නිසි පරිදි කි්‍රයාත්මක කර නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරන පරිදි ඩීසල් හෝ ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරන පරිදි 4-මෙතිලිමයිඩසෝල් යන රසායනික ද්‍රව්‍ය කැළ‚ ගඟට නිදහස් වී ඇත්තේ මේ නිසයි. රසායනික ද්‍රව්‍ය හා තෙල් වර්ග කැළ‚ ගඟට කාන්දුවීම වැළැක්වීම සඳහා පූර්ව ආරක්ෂිත උපායමාර්ග යොදා නොමැති කර්මාන්තශාලාවකට පරිසර ආරක්ෂණ බලපත්‍ර මධ්‍යම පරිසර අධිකාරිය මඟින් නිකුත් කළේ කෙසේද යන්න ගැටලූ සහගත අතර තාවකාලිකව අත්හිටවූ බලපත්‍රය නැවත වරක් දින 10කට පසුව තාවකාලික බලපත්‍රයක් ලෙස ලබා දුන්නේ මෙම පූර්ව ආරක්ෂිත උපායමාර්ගවලට පිවිසීමෙන් අනතුරුවද යන්න පැහැදිලි නැහැ.
මේ තත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු ඇතැයි අපේක්ෂා කරනවා.

1. අගොස්තු මාසයේ කැළණි ගෙඟ් ජල දූෂණ සිදුවීමේදී ඊට හේතු වී ඇත්තේ කවර රසායනික සංයෝගදැයි හඳුනාගෙන තිබේද?
2. ඒ අතර 4-මෙතිලිමයිඩසෝල් නම් විෂ සහිත කාබනික සංයෝගය නොමැත්තේද?
3. අගෝස්තු මාසයේ කැළණි ගෙඟ් ජල දූෂණ සිදුවීම නිසා රාජ්‍ය ආයතනවලට සිදුවූ පාඩුව වෙන් වෙන් වශයෙන් කොපමණද?
4. ජල දූෂණයට අදාළව නීතිමය පියවර ගෙන තිබේද? නීතියට පිටින් වන්දි ගෙවීමක් සිදුවූයේනම් ඒ වෙනුවෙන් නීතිමය පියවර ගැනීම නතර කරන ලද්දේද?
5. ජල දූෂණ සිදුවීම වෙනුවෙන් කොකා කෝලා ශී්‍ර ලංකා සමාගම විසින් වන්දි මුදලක් ගෙවා ඇත්ද? ඒ කවර ආයතනවලට කවර ප්‍රමාණයන්ද? ඒ සඳහා වන වන්දි     තක්සේරු කරන ලද්දේ කවර ආයතනයක් විසින්ද?
6. කොකා කෝලා බියගම කර්මාන්ත ශාලාවට පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාදීම සඳහා පූර්ව ආරක්ෂිත උපායමාර්ග ස්ථාපිත කිරීම ඇතුළු සියලූ කොන්දේසි              සපුරා ඇති බවට සහතික වන්නේද?
7. මෙම ජල දූෂණ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරියට සිදුවන පරීක්ෂණ හා නීතිමය පියවර තිබේද? එසේනම් ඒවා කවරේද?
8. කැළණි ගඟට මුදා හැරෙන සියලූ කර්මාන්ත ශාලා අපජල මූලාශ්‍ර සොයා බැලීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගය කුමක්ද?