FAST NEWS

24×7 Around the Globe

3500කට අධික පිරිසක් තවදුරටත් නිරෝධායනයේ

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුල තවදුරටත් පුද්ගලයන් 3609 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවේදී යුද හමුදාපති වරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායන කටයුතු ආරම්භ කළ දින සිට මේ දක්වා පුද්ගලයන් 4659 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති බවයි.