FAST NEWS

24×7 Around the Globe

ක්‍රෙඩිට් කාඩ්වලින් දත්ත සොරා ගැනීමක් පිළිබඳව තොරතුරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අන්තර්ජාලය ඔස්සේ නිවසට භාණ්ඩ බෙදා දෙන බව පවසමින් ක්‍රෙඩිට් කාඩ් පත්වල දත්ත සොරා ගැනීමේ ජාවාරමක තොරතුරු අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.  

මෙම සංසදයේ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රවිඳු මීගස්මුල්ල මහතා සඳහන් කළේ , එවැනි ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් පැමිණිලි ලැබෙමින් පවතින බවයි.

අන්‍යතාව තහවුරු කළ නොහැකි එවැනි වෙබ් අඩවිවලින් භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින්නැයි, ඔහු ජනතාවට දැනුම් දෙනවා.

අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ මිලදී ගත හැකි බව පවසමින් ජනතාවගෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කළ ව්‍යාජ වෙබ් අඩවි කිහිපයක් අක්‍රීය කළ බව ද, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.