FAST NEWS

24×7 Around the Globe

සියලු තැපැල් කාර්යාල ලබන මස සිට විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සියලු තැපැල් කාර්යාල ලබන මස 4 වනදා සිට සාමාන්‍ය රාජකාරි සඳහා විවෘත කෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න පවසයි.

ඒ අනුව මැයි මාසයට අදාළ මහජන ආධාර සහ වැඩිහිටි දීමනා, ගොවි විශ්‍රාම වැටුප් සහ විශ්‍රාම වැටුප් ඇතුළු සියලු ගෙවීම් ද පෙර පරිදිම තැපැල් කාර්යාල කවුලුවලදී ගෙවීමට කටයුතු යොදා තිබේ.

තැපැල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජල, විදුලි, දුරකථන බිල්පත් ගෙවීමට මෙන්ම, දේශීය විද්‍යුත් මුදල් හුවමාරු කිරීමට සහ දේශීය තැපෑල සඳහා ලිපි හා තැපැල් භාණ්ඩ භාරදීමට ද, ජනතාවට හැකියාව පවතින බවයි.