FAST NEWS

24×7 Around the Globe

සීනි සඳහා වූ උපරිම මිළ ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (28) සිට බල පැවැත්වෙන පරිදි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කල ගැසට් නිවේදනයක් මගින් සීනි සඳහා පනවා තිබූ උපරිම මිළ ඉවත් කර තිබේ.

2018 වසරේ ඔක්තෝබර් 12 වනදා සීනි සඳහා උපරිම සිල්ලර මිලක් පණවා තිබුණේය.

එම නියෝගයට අනුව සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 92 ක් ලෙසද , පැකට් කල සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිළ රුපියල් 105 ක් ලෙසද , පැකට් නොකළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිළ රුපියල් 100 ක් ලෙසද නියම කර තිබිණි.