FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරීමට ජනපති අවධානය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිශ්ඵල සහ අධික වියදම් සහිත මැතිවරණ ප්‍රචාරණය වෙනස් කිරිම සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව පවසයි.

කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මලාංකාර නා හිමි සහ අති උතුම් මැල්කම් රංජිත් හිමිපානන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණගැසී සාකච්ඡා කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන ආකාරයට මෙහිදී කාදිනල් හිමිපානන් නාස්තිකාරි සහ වෛරය ඇති කරවන ඡන්ද ප්‍රචාරණ ක්‍රමයෙන් බැහැර වී නව මැතිවරණ රටක් නිර්මාණය කිරිම කාලින අවශ්‍යතාවයක් බව පෙන්වා දී ඇති අතර ඊට පිළීතුරු දෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළ බව ළේය.

මෙම සාකච්ඡාවේදී මහනායක හිමියන් සහ කාදිනල් හිමිපානන් විසින් කොවිඩ් නයින්ටීන් වසංගතය පිළීබඳ වත්මන් තත්ත්වය පිළිබඳව අවදානයට ලක්ව ඇති අතර වෛරසය පාලනය කරමින් ජනතාව සුරක්ෂිත කිරිමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව සිය ප්‍රසාදය පල කර තිබේ.