FAST NEWS

24×7 Around the Globe

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අධිරාජ්‍යයා හමුවෙයි.

පස් දින නිල සංචාරයක් සදහා ජපානයේ නල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජපාන අධිරාජ්‍යයා හා අධිරාජනිය හමුවිය.

තෝකියෝ නුවර පිහිටි ඉම්පීරියල් මාළිගයේ පැවැති මෙම හමුවට ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගි වූවාය.

රාජ්‍ය ගෞරව සහිතව පිළිගත් ඔවුන් දෙදෙනා සමග සුහද පිළිසදරක නිරත වූ බව ද සදහන්.

එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ දෙරට අතර පවතින සබදතාවයන් තවදුරටත් වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් සාකච්ජා වූ බවයි වාර්තා වන්නේ.

pkp_1 pkp_2 pkp_3