FAST NEWS

24×7 Around the Globe

පුද්ගලයින් 455 ක් තවමත් වෛද්‍ය අධීක්ෂණය යටතේ

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 455 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මේ වන විට මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන 592 ක් බවත් ආසාදිතයින් 134 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.