FAST NEWS

24×7 Around the Globe

බැංගලෝර්හි සිටි තවත් ශ්‍රී ලාංකික සිසුන් 164 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  ඉන්දියාවේ සිර වී සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 164 ක් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් මගින් අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබේ.  

කාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විත මෙම විශේෂිත ගුවන් යානය අද පෙරවරු 9.10 ට දිවයිනෙන් පිටත් විය.

සිසුන් පිරිස රැගත් ගුවන් යානය අද පස්වරු 12. 40 ට පමණ ඉන්දියාවේ සිට දිවයිනට පැමිණ ඇත.