FAST NEWS

24×7 Around the Globe

දකුණු ආසියාවේ කොඩිඩ් 19 ආසාදිතයන් 50,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) –  ශ්‍රී ලංකාව ද ඇතුළු දකුණු ආසියානු කලාපයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන 50,000 ඉක්මවා ඇත.   

කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු කලාපයෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන මරණ ගණන 884කි.

ඇෆ්ගනිස්තානයෙන් මරණ 57 ක් ද බංග්ලාදේශයෙන් 152 ක් ද පාකිස්තානයෙන් 281 ක් ද වාර්තා වූ අතර , ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මරණ ගණන 7 කි.

මාලදිවයිනෙන් සහ නේපාලයෙන් කිසිදු මරණයක් නොවී තිබීමද විශේෂත්වයකි.