FAST NEWS

24×7 Around the Globe

මැනිං වෙළෙඳ පොළ අනිද්දා සිට යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය අප්‍රේල් 29 වැනිදා එනම් අනිද්දා යළි විවෘත කෙරෙන බව මැනිං පොදු වෙළඳ සංගමය පවසයි.   

පිටකොටුව මැනිං වෙළෙඳ සංකීර්ණය වසා දැමුණේ පසුගිය අප්‍රේල් 17 වැනිදායි. ගොවීන්ගේ සහ වෙළෙන්දන්ගේ දැඩි ඉල්ලීම මත තොග වෙළෙඳාම් සඳහා පමණක් යළි වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරෙන බව මැනිං වෙළෙඳ සංගමය සඳහන් කරයි.