FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිත නාවික සෙබලුන්ගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගත් නාවික හමුදා නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයන් මිහින්තලය සහ බූස්ස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට පියවර ගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.     

මීට පෙර පවුලේ සාමාජිකයන් 58 දෙනෙකු එම නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටි අතර අද දිනයේ ද තවත් පිරිසක් ඊට යොමුකළ බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ පුද්ගලයන් 3,181 දෙනෙකු තවදුරටත් රඳවා සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.