FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිත නාවික සෙබලුන් ගණන 180 ක්

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) –  මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් – 19 අසාදිත නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 180 ක් බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.  ඉන් 112 දෙනෙකු වැලිසර නාවික කඳවුර තුළදීද 68 දෙනෙකු කඳවුරින් පිටතදීද හමුවී ඇති බව යුධ හමුදාපතිවරයා සඳහන් කරයි.

අද දිනයේදී තහවුරු කරගත් නව ආසාධිතයන් සංඛ්‍යාව 44 ක් වන අතර , ඔවුන් 44 දෙනාම නාවික හමුදා සෙබලුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.