FAST NEWS

24×7 Around the Globe

කොරෝනා මර්දනයට පාර්ලිමේන්තුවෙන් පොලිස් නිලධාරීන් 100ක්

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – කොරෝනා මර්දන කටයුතු සඳහා පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට යොදවා සිටින පොලිස් නිලධාරීන් සියදෙනෙක් ලබාදීමට පියවර ගෙන තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක කියා සිටියේය.

ඒ අනුව පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට සිටින පිරිසෙන් කොටසක් මෙලෙස ලබාදීමට පියවර ගත්තේය.

ඔහු සඳහන් කළේ අවශ්‍යතාව පරිදි යුද හමුදාව ඇතුලු ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයින් ඊට අනුයුක්ත කර ඇති බවයි.