FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි තරගයත් පරාජය වෙයි – කිත්රුවන්ගෙන් ශතකයක්.

සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරාජය කර ක්‍රයිස්චර්ච්හිදී අද (07දා) පැවති දෙවැනි නිල නොවන එක්දින තරගයෙන්ද ලකුණු 15ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග හතරකින් යුත් මෙම තරගාවලියේ තරග 2 – 0 ක් ලෙස නවසීලන්ත ‘ඒ’ කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.

හේග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 04 ක් පමණක් දැවී ලකුණු 305ක් රැස්කිරීමට සමත්විය. මිචෙල් බ්‍රාස්වෙල් (83), හෙන්රි නිකලස් (නොදැවී 79) හා මිචෙල් පොලාඩ් (54 ) අර්ධ ශතක රැස්කරමින් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වූහ. කසුන් රජිත (2/63) ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් හොඳම පන්දු යැවීම සනිටුහන් කළේය.

ලකුණු 306ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.3 ක් අවසානයේදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 290 ක් පමණි. කිතුරුවන් විතානගේ (120) හා ධනුෂ්ක ගුණතිලක (65) පිත්තෙන් දක්‍ෂතා දැක්වූ අතර, ඔවුන් දෙදෙනා දෙවැනි කඩුල්ලට ලකුණු 119 ක සබඳතාවක් ගොඩනගමින් ජය මාවත එළිපෙහෙලි කර දුන්නද සෙසු පිතිකරුවන්ට එය ජයග්‍රාහී කඩයිම කරා රැගෙන යාමට නොහැකි විය. ඇඩම් මිලන් (3/49) නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමෙන් දක්‍ෂතා දැක්වීය.

7 8