FAST NEWS

24×7 Around the Globe

PCR පරික්ෂාවන්ට වරාය සේවකයන් යොමු කරන්නැයි ඉල්ලිමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය තුල සේවය කරන පිරිස් පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කරන්නැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

මෙම පියවර ඔස්සේ වරායේ සේවක පිරිස් වල සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කළ හැකි බව සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසුවේය.