FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (27) උදෑසන 6.00 අවසන් වූ ගත වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 1,309 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොාට්ඨාසය සඳහන් කරයි.

එයින් පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 348 ක් බව සඳහන්.

එම කොාට්ඨාසය පැවසුවේ මේ දක්වා කාලසීමාව තුළ පුද්ගලයින් 39,875 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට පත්වූ වාහන සංඛ්‍යාව 10,257ක් බවයි.