FAST NEWS

24×7 Around the Globe

මැනිං වෙළඳපොල අනිද්දා සිට යළි විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ – මැනිං වෙළඳපොල ලබන බදාදා (29) සිට තොග වෙළඳ කටයුතු සඳහා පමණක් යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

මැනිං පොදු වෙළඳ සංගමයේ උප සභාපති නිමල් අත්තනායක සඳහන් කළේ ඉරිදා හැර සතියේ සෑම දිනකම අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා එය විවෘතව තැබෙන බවයි

සෑම ඉරිදා දිනකදීම වෙළඳපොල විෂබීජහරණයට ලක් කිරීමට කටයුතු යොදා තිබෙන අතර සෞඛ්‍ය අංශ මගින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙස උප සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.