FAST NEWS

24×7 Around the Globe

නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (26) දිනයේ විෂබීජහරණය සඳහා වසා තැබුණු නාරාහේන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (27) පෙරවරු 6 සිට යළි විවෘත කළ බව එහි කළමනාකරු ප්‍රශාන් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථානය වෙත පැමිණීමේදී සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙසයි ඔහු වෙළඳ ප්‍රජාවගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියේය.