FAST NEWS

24×7 Around the Globe

සියළු ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි ,සෙසු නිලයින්ගේ නිවාඩු, කෙටි නිවාඩු අවලංගු කර ඇත.   

දැනට නිවාඩු මත සිටින නීලධාරි,සෙසුනිලයින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කළ යුතු වෙයි.

මෙලෙස නිවාඩු මත සිටින නිලධාරි ,සෙසුනිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ වගකිවයුතු නිලධාරියෙකු දුරකථන මාර්ගයෙන් අමතා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට කටයුතු කළයුතු බවත් දැනුම් දෙයි.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා විසින් ත්‍රිවිධ හමුදාධිපතිවරුන්ට නිකුත් කළ නියෝගයේ සදහන් කර තිබුනේ  නිලධාරීන් සහ සෙසුනිලයින් සඳහා ලබා දී ඇති සියලුම නිවාඩු අවලංගු කිරීමේ තීරණය අද (26) දිනයේ ගනු ලැබූ බවයි.