FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයින් 38,566 ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 38, 566 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පොලිසිය සඳහන් කළේ මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 9,909 ක් බවයි.

අද පෙරවරු 6 න් අවසන් වූ පැය 24 තුළ පොලිස් ඇඳිරි නීතිය උල්ලංඝණය කල පුද්ගලයින් 1,211 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර එම කාල සීමාව තුළ වාහන සංඛ්‍යාව 348 ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය