FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය උපදෙස් කඩකරමින් වෙළදාම් කළ 54 දෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් වෙළදාමේ නිරත වූ පුද්ගලයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.   

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකොට ඇති අතර , මෙහිදී මුඛ ආවරණ පැළදීමකින් තොරව අනාරක්ෂිත ලෙස ඔවුන් වෙළඳ කටයුතු සිදුකර ඇති බව වාර්තා වෙයි.

සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිනොපදින වෙළදසැල් වසා දැමීමට පියවර ගන්නා බව ද දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා දැනුම් දුන්නේය.