FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට වරායේ ඇති වාහන නිශ්කාශනය කරගන්නැයි ඉල්ලීමක්

(ෆාස්ට් නිව්ස් | හම්බන්තොට) – හම්බන්තොට වරාය පරිශ්‍රයේ ඇති වාහන 5000කට අධික සංඛ්‍යාවක් නිශ්කාශනය කර ගන්නා ලෙස හම්බන්තොට ජාත්‍යන්තර වරාය වාහන ආනයනකරුවන්ගෙන් ඉල්ලා සිටී.

අත්‍යවශ්‍ය සේවා සඳහා වරාය පරිශ්‍රය නිරවුල්ව තබා ගන්නා ලෙසට රජය ලබා දුන් උපදෙස් අනුව එම පියවර ගත් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

නිශ්කාශන කටයුතු පහසුකිරිම සඳහා සියලුම රාජ්‍ය දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු සිදුකරනු ඇති අතර ප්‍රමාද ගාස්තු අය නොකිරිමේ සහනය අප්‍රේල් 30 වනදායින් පසු යළි දීර්ඝ නොකරන බව හම්බන්තොට වරයා බලධාරීහු පවසයි.