FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටට පැමිණීමට නොහැකිව සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 163 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් ඉන්දියාවේ – මුම්බායි නුවර සිට අද (25) දිවයිනට පැමිණියේය.

මෙම පිරිස යූ.එල්. 144 දරණ ගුවන් යානයෙන් අද පස්වරු 2.35 ට පමණ දිවයිනට ළගාවී තිබේ.

ඔවුන් අතරින් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ව්‍යාපාරිකයින් පිරිසක් ද සිටින බව සඳහන්.

මෙම පිරිස ද ගුවන්තොටුපලේදී විෂබීජහරණ කටයුතුවලට ලක් කිරීමෙන් අනතුරුව, නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.