FAST NEWS

24×7 Around the Globe

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය ලබන සතියේ සිට විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය ලබන සඳුදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

ඒ ආණ්ඩුකාර කාර්යාලය තාවකාලික වසා දැමීමට පාදක වූ නාවික හමුදා සෙබලාට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වීමත් සමඟයි.

ආණ්ඩුකාර කාර්යාලයේ සේවයට පැමිණි අයෙකු වැලිසර නාවික හමුදා කඳවුරේ සිට පැමිණි සෙබලෙකුගේ ඥාතියෙකු ලෙස හඳුනා ගැනීමෙන් අනතුරුව එම ආණ්ඩුකාර කාර්යාලය තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගැණුනි.