(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදේශ රටවල සිටින ලාංකිකයින් විසි හත්දහසක් පමණ මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය සඳහන් කළේ, මෙරටට නොඑන අයට ලොව පුරා පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාල 67 ක් මගින් ඔවුන්ට කළ හැකි සෑම උපකාරයක්ම මේ වනවිට සිදු කරමින් සිටින බවයි.
මැදපෙරදිග කලාපයේ රැකියා අහිමී වී යම් යම් ගැටලූ ඇති වී තිබෙන අය මෙරටට ගෙන ඒම සඳහා ක්‍රමානුකූලව කටයුතු කරමින් සිටින බව අමාත්‍යාංශ ලේකම් රවීනාත ආරියසිංහ මහතා සඳහන් කරයි.
ඔහු සඳහන් කළේ, මෙරටට පැමිණිමට බලාපොරොත්තු වන අය නිරෝධායන කටයුතුවලට ලක්කිරීමට තිබෙන හැකියාව මත ඔවුන් මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බවයි.








