FAST NEWS

24×7 Around the Globe

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ 681ක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 681 දෙනෙකු සහ රථවාහන 177ක් පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වෙයි.

අද (25) සහ හෙට (26) යන දෙදින තුළ මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

එම කාලය තුළ කිසිදු හේතුවක් මත මෙම කාලය තුළ දිස්ත්‍රික් මායිම් හරහා ගමන් නොකළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේය.

එසේම ඇඳිරි නීති කාල සීමාවේ නීති විරෝධි කටයුතුවල නිරත වන්නන්ට ද නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.