(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් 166 ක පිරිසක් මෙරටට රැගෙන ඒම සදහා ඉන්දියාවේ මුම්බායි නගරය බලා පිටත්ව ගොස් තිබේ.
මෙම ගුවන් යානය පෙරවරු 11.30 ට මුම්බායි වෙත ළගා වීමට නියමිත අතර එය නැවත පස්වරු 2.55 ට සිසුන් රැගෙන කටුනායක ගුවන් තොටුපළට ළගා වනු ඇත.
මෙම ගුවන් යානය තුළ ඉන්දියාව වෙත රැගෙන යන භාණ්ඩ තොගයක් ද තිබූ අතර ගුවන් නියමුවන් දෙදෙනා සමගින් කාර්යය මණ්ඩලය හැර වෙනත් කිසිදු ගුවන් මගියෙකු ගමන් කර නොමැත.
මෙම ගුවන් යානයෙන් පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන සිසුන් පිරිසද නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට නියමිතව ඇත.








