FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතව සිටි ගර්භණී කාන්තාවකගේ බිළිඳා ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වී සිටි ගර්භණී කාන්තාවකගේ කුස තුළ සිටි බිළිඳා මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 


මෙම කාන්තාව මෙරටින් වාර්තා වූ 415 වැනි කොවිඩ් 19 වෛරස් ආසාදිතයායි.

ඇය මරදාන ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර කොළඹ ද සොයිසා කාන්තා රෝහලේයි ප්‍රතිකාර ලබමින් සිට ඇත.