FAST NEWS

24×7 Around the Globe

ගංජා කිලෝ 49 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොස්ලන්ද ) – තණමල්විල, උස්සැල්ල සහ කුඩාවැව ප්‍රදේශවලදී නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී ගංජා කිලෝ 49 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.   

වැටලීමේ දී උස්සැල්ල ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේ දී ඔහු  සතුව තිබී ගංජා කිලෝ 7 කට අධික ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර ,
ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව කුඩාවැව ප්‍රදේශයේදී අනික් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර විමර්ශණ සඳහා ගංජා තොගය සමග කොස්ලන්ද පොලිසියට භාරදී තිබේ.