FAST NEWS

24×7 Around the Globe

නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩ නැවත ඇරඹීමට අවසර ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු නැවත ආරම්භ කිරීමට නීතිපතිවරයා විසින් අදාළ බලධාරීන්ගේ අනුමැතිය ඉල්ලා තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිශාරා ජයරත්න මෙනවිය පවසන්නේ P.C.R. පරීක්ෂණවලට ලක් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට කොරෝනා වෛරසය අසාදනය වී නොමැති බැවින් නීතිපතිවරයා විසින් මෙසේ අනුමැතිය ඉල්ලා සිටින බවයි.