FAST NEWS

24×7 Around the Globe

නේපාලයේ සිටි ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ගෝලීය වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නේපාලයේ අතරමංව සිටි මෙරට සිසුන් 93 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළට වෙත පැමිණියේය.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කාර්ය මණ්ඩලය 8කින් සමන්විත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1425 දරන ගුවන් යානයෙන් අද (24) සවස 3.30 ට පමණ ගොඩබස්වන ලදී.

එම ගුවන් යානයෙන් පැමිණි සියලු සිසුන් ගුවන් තොටුපළේ සිට නීරෝධායන කටයුතු සදහා පිටත් කර හරිනු ලැබීය.

හෙට (25) ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා තවත් විශේෂ ගුවන් යානයක් මුම්බායි බලා පිටත්ව යාමට නියමිතයි.