FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, www.doenets.lk results.exams.gov.lk වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල නිවැරදිව දැනගත හැකි බව ය.

එසේම ඕනෑම ජංගම දුරකතන සේවාවකින් ද ප්‍රතිඵල ලබා ගත හැකි ය.

Exam හිස්තැනක් gv හිස්තැනක් විභාග අංකය ඇතුළත් කර 1919 ට කෙටි පණිවුඩයක් යැවීමෙන් ද විභාග ප්‍රතිඵල ලබා ගත හැකි ය.

මේ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ සිංහල මාධ්‍ය අවම ලකුණු සීමාව ලෙස දක්වා ඇත්තේ, ලකුණු 160ක් වන අතර දෙමළ මාධ්‍ය සඳහා අවම ලකුණු සීමාව ලෙස දක්වා ඇත්තේ, ලකුණු 154කි.

මේ අතර කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන් හට අද පෙරවරු 10.30 න් පසුව විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබා ගත හැකි වේ.

අනෙකුත් පාසල්වල පාසල් ප්‍රතිඵල ලේඛන එම පාසල් වෙත අද දින ම තැපැල් කෙරෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය.