FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ අරඹයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය වැඩ ආරම්භ කර තිබේ.

ඊයේ (23) එහි සභාපති බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකාය ස්ථාපනය කිරීමෙන් පසුව එහි පළමු හමුව සිදුවූයේය.

සියලු පළාත් පාලන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාමීය මට්ටමේ නිලධාරීන් සම්බන්ධීකරණය කර ගනිමින් මෙම කාර්ය සාධක බලකාය ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.