(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා මර්දන නීති උල්ලංඝනය කරමින් අනුරාධපුර ප්‍රදේශයේ උසස්පෙළ පන්තියක් පැවැත්වූ ගුරුවරයෙකු හා අදාළ ස්ථානයේ හිමිකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
සෞඛ්‍ය නිලධාරින් විසින් සිදුකරන ලද පරික්ෂාවකදී මෙම පෞද්ගලික පන්තිය පවත්වාගෙන යන ආකාරයේ තොරතුරු හෙළිවී ඇත.
පසුව අදාළ පන්තියට සහභාගී වී සිටි සිසු සිසුවියන්ට උපදෙස් ලබා දී දෙමාපියන් දැනුවත් කිරීම ද එම බළධාරීන් විසින් සිදුකර ඇත.








