FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ මස 28 වනදා පස්වරු 4 ට පෙර සහතික කිරීමේ නිලධාරීන් වෙත ලැබී ඇති සියලුම තැපැල් ඡන්ද අයදුම්පත් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හෝ මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙස මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.  

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය වූ පසුගිය මස 17 වනදා වනවිට ලැබී ඇති තැපැල් ඡන්ද අයදුම්පත් ආවරණ ලිපියක් සමඟ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හෝ මැතිවරණ කාර්යාල වෙත ලබාදෙන ලෙස ද එම කොමිසම නිවේදනය කරයි.