FAST NEWS

24×7 Around the Globe

ලංගම සේවකයන් හට විශේෂ දිරි දීමනාවක් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් අත්‍යවශ්‍ය සේවා සදහා පැමිණෙන ජනතාව ප්‍රවාහණය කරන ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයන් හට විශේෂ දිරි දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ.

පොරොන්දු වූ පරිදි සේවක ඉල්ලිම් ලබාදීමට බළධාරින් කඩිනමින් පියවර ගත යුතු බව සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ පවසයි.