FAST NEWS

24×7 Around the Globe

සැලොන් සහ ආපනශාලා තවදුරටත් වැසෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ආරක්ෂිත පියවර ලෙස සැලොන් සහ රෝහල් ආශ්‍රිත කුඩා ආපනශාලා තවදුරටත් වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි. 

ඔහු මේ බව කියා සිටියේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති දෛනික මාධ්‍ය හමුවේදීයි.