FAST NEWS

24×7 Around the Globe

පොළොන්නරුවේ ගම්මාන 12 ක් හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – කොරෝනා රෝගියෙකු වාර්තාවීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12 ක් හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.  

අද හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන්ගෙන් 11 දෙනෙකුම බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් ආසාදිතයා පොලොන්නරුව – පුලස්තිගම ප්‍රදේශයේ පදිංචි වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන සෙබලෙකු බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

මොහු පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා ලෙස සැලකෙන අතර , මේ සමඟම ඔහු සමඟ වැලිසර නාවික හමුදා කඳවුරේදී සමීපව කටයුතු කළ සෙබළුන් හඳුනා ගැනීමට කටයුතු යොදා ඇත.

මේ වනවිට දිස්ත්‍රික්ක 16 කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වන අතර, ඉන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.