FAST NEWS

24×7 Around the Globe

ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තැපෑල හරහා සිදුකෙරෙන ලිපි බෙදා හැරීමේ කටයුතු අද (22) සිට ආරම්භ කර තිබේ.

ඇදිරි නීතිය පැනවීමත් සමග මාසයක පමණ කාලයක් සාමාන්‍ය තැපැල් කටයුතු අඩාල වී තිබුණු බවත් ඇදිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවලට තැපැල් බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවත් තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේය.