FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසිය විසින් ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34,956 මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.

රථවාහන 8,948 ක්ද එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

එසේම ඊයේ (21) දහවල් 12 සිට පස්වරු 6 දක්වා පැය 6 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 131 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 34 කි.